May 19, 2024

විශ්‍රාමයත් විශ්‍රාම යන ලකුණු

රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙනු ලබන විශ‍්‍රාම පාරිතෝෂික දීමනාව අහිමි කිරීමට එරෙහිව  කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කොරළේ ආරච්චි  මහතා පවසයි.මේ අනුව රටපුරා වැඩබිම් මට්ටමින් පෙත්සමක් අත්සන් කිරීමටද නියමිතය .

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් විශ‍්‍රාම වැටුප ගණනය කර සේවය කළ ආයතනය මගින් මෙම මාස 24 ක මුදලට අදාළ චෙක් පත ලබා දුන් නමුත් දැන්  ආණ්ඩුව මෙය නතර කිරීමට පියවර ගෙන තිබෙන බව ඔහු පෙන්වා දෙයි .

මෙම මුදල ලබා ගැනීමේ ක‍්‍රමවේදය ව්‍යාකූල තත්ත්වයකට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මෙමගින් සිදුවන්නේ විශ‍්‍රාමිකයින්ට පාරිතෝෂිකය අහිමි කිරීම බවත් ඔහුගේ අදහසය .

Rate this item
(0 votes)