May 19, 2024

චිත්‍රපට සංස්ථා සභාපති පුටුව දීපාල් චන්ද්‍රරත්නට

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා අද සිය ධුරයේ වැඩ බාරගෙන තිබේ.

ඔහු අද (09) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථියෙකු වූ දීපාල් චන්ද්‍රරත්න මහතා ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු මෙන්ම වෘත්තියෙන් නීතීඥවරයෙකුද වේ.

චිත්‍රපට සංස්ථාවේ සභාපති තනතුර ප්‍රවීණ උපකාරක පංති දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට ලබාදීමට නියමිත බවට ද පසුගිය කාලයේදී ප්‍රචාරයක් ගියේය.

 

Rate this item
(0 votes)