May 19, 2024

විමල් අල්ලස් කොමිසමට ගියේ නාමල් රාජපක්‍ෂගේ පැමිණිල්ලකට (VIDEO)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නීතිඥ නාමල් රාජපක්‍ෂ නමින් හඳුන්වන රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාවලියට අයත් පුද්ගලයකු තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පැමිණිල්ලකට අනුව ඇරඹුණු විමර්ශන කටයුතු සඳහා සහභාගී වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(09) උදෑසන 09.30ට පමණ විමර්ශන කටයුතු සඳහා සහභාගි වීමට පැමිණි විමල් වීරවංශ මහතා දිවා ආහාරය සඳහා විමර්ශන කටයුතු නතර කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ ප‍්‍රධාන පිවිසුම අසල රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් මේ බව පැවසීය. 

දිවා ආහාරයට විමර්ශන කටයුතු නවතන විට පැය 03කට අධික කාලයක් ගත වී තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය ‘‘දිවා ආහාරයෙන් පසුවත් අද තව පැය 2ක් පමණ විමර්ශන කටයුතු සිදු කරන්න අවශ්‍ය යැයි ඔවුන් පැවසුවා. ඒ අනුව අපි දිවා ආහාරය අරගෙන යළි විමර්ශන කටයුතුවලට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා’’

 

Rate this item
(0 votes)