May 18, 2024

‍කොළඹ සරසවි ආචාර්යවරුන් උපකුලපති කාර්යාලය වටලයි

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස එහි ආචාර්යවරුන් කිහිපවිටක්ම ඉල්ලීම් කළද මේ වනතෙක් ඉල්ලා අස්නොවූ බැවින් කොළඹ විශ්වවිද්‍යායීය ආචාර්යවරුන් මේවනවිට එහි විද්‍යාල මන්දිරය වටලා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වීම සදහා බල කරමින්, කොළඹ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් ගනුලැබූ තීරණයක් පරිදි එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මේ වනවිට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වන විද්‍යාල මන්දිරයේ (College House) උපකුලපති කාර්යාලය සහ ලේඛකාධිකාරී කාර්යාලය අත්පත්කරගෙන ඇත.

උපකුලපතිවරයා ඉවත්වනතුරු ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවන බවද මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කළ බවද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ප්‍රකාශ කරති.  

 

Rate this item
(0 votes)