May 18, 2024

ෆොන්සේකා නඩුවෙන් නිදහස්

යුද හමුදාවෙන් පැනගිය සෙබලුන් 10 දෙනෙකුට වැටුප් හා නවාතැන් ලබාදෙමින් ඔවුන් රාජපාක්ෂික භාවයෙන් මුදවාගත් බව චෝදනා කරමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තිබේ.

හමුදාවෙන් පළා ගිය සෙබළුන් දස දෙනෙකුට 2010 ජනාධිපතිවරණ සමයේ රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිත භාවයෙන් මුදා ගත්තැයි සැකපිට ඇප මත සිටි හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක හරිප්‍රිය සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අද (09) නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ඔවුන්ට එරෙහි සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වී යැයි මහාධිකරණ විනිසුරුවරිය ඔවුන් නිදහස් කරමින් ප්‍රකාශ කළාය.

හමුදාවෙන් පැන ගිය සෙබළුන් දස දෙනකුට වැටුප් හා දීමනා ගෙවමින් නීති විරෝධී ක්‍රියාවක් කළැයි චෝදනා 41ක් යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා තිබිණි.

නීතිපති විසින් පැවරුණු මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අද අවසන් විය. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 15:05