May 18, 2024

ගෝඨාභය හා හිටපු නාවික හමුදාපති සෝමතිලකට රට යාම තහනම් 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු නාවික හමුදාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරිමට අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව මහජන සාමය ආපදාකළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂීයන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය පනවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බව අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට අද (09) සිට ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක් පනවා ඇත.

අදාල නියෝගය අද පෙරවරු 10.33 සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර මංජුල කුමාර යාපා හා කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලගේ යන දෙදෙනාටද විදෙස් ගමන් තහනම් කර ඇත.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශණ කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම ගුවන් ගමන් තහනම් නියෝගය පනවා ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 07:37