May 18, 2024

මාධ්‍යවේදීන්ට වසන් වී අල්ලස් කොමිසමට පැමිණි විමල්ගේ ඡායාරූප මෙන්න 

හිටපු නිවාස ඇමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (09) පෙරවරුව 09.30ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ වත්කම් හා බැරකම් පිළිබඳව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද ඔහු කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වෙයි.  

වීමල් වීරවංශ මහතා අඳුරු පැහැ වීදුරු සහිත කළු කාරයකින් නීතීඥ කපිල ගමගේ මහතා සමඟ උදේ 9.30 පමණ පමණ අල්ලස් කොමිසම ඇතුළට ගියේය. ඔහු ඇතුළු වූ පසු අල්ලස් කොමිසමේ ගේට්ටුව ද වහා වසා දමා ඇත.

කෙසේවෙතත් ඡායාරූප ශිල්පීන් අල්ලස් කොමිසමේ ගේට්ටුවත්, තාප්පයත් නිසා ඔවුන්ගේ රාජකාරිය ඉටු කර ගැනීමට හැකි විය.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)