May 18, 2024

බරපතල දූෂණ වාංචා සෙවීමට ජනපති නියමයෙන් කොමිසමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි බරපතල දූෂණ වාංචා මෙන් ම රාජ්‍ය සම්පත්, වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කර ඇත. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජනාධිපති නීතිඥ වෑවගේ ප්‍රියසාද් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර අනිල්  ගුණරත්න, මහාධිකරණ විනිශ්චයකාර ගිහාන් කුලතුංග, විශ්‍රාමික විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ විශ්‍රාමික අතිරේක  සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඥානදාසන් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කොමිසන් සභාව පරීක්ෂණ කොමිසන් සභා පනත යටතේ පත් කොට ඇත.

බරපතල වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ සොයා බලා කඩිනම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම මෙහි මූලික කාර්යභාරය වේ.

Rate this item
(0 votes)