May 18, 2024

විමල් අද අල්ලස් කොමිසමට කැඳවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (09) පෙරවරු 09.15ට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

මේවනවිට විමල් වීරවංශ මහතාගේ නීතිඥවරුන් අල්ලස් කොමිසමට පැමිණ ඇති අතර තවමත් විමල් වීරවංශ මහතා පැමිණ නොමැති බව වාර්තා වේ.

පසුගිය දිනවල විමල් වීරවංශ මහතාට අල්ලස් කොමිසමට ඉදිරිපත් වූ වත්කම් හා බැරකම් සම්බන්ධ පැමිණිලිවලට අදාලව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන බවට වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 13:31