May 18, 2024

රනිල්ගෙන් විග්නේෂ්වරන්ට දෝස්මුරයක්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කටයුතු කරනුයේ වගකීම් විරහිත පුද්ගලයකු ලෙස බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය "තාන්ති" රූපවාහිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදීය.

ඔහු දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු සමග දේශපාලන ක්‍රීඩාවක යෙදී සිටින බවත් උතුරු මහ ඇමැතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව දෙමළ ජනතාවම විවේචන ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කර ඇත. 

උතුරු පළාතේ හමුදාව අඩුකිරීම සම්බන්ධව විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කරන යෝජනාවලට තමා එකඟ නොවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ කරන අයෙක් බවටද අගමැතිවරයා අවධාරණය කර සිටී. 

තමන් විග්නේෂ්වරන් සමග ගනුදෙනු නොකරන බවද තමන් ගනුදෙනු කරන්නේ දෙමළ ජාතික සන්ධානය සමග වන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 12:20