May 18, 2024

මත ගැටුම් ගැන අවධානයට සන්ධානයේ පක්ෂ නායක හමුවක්

වත්මන් හා ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලු පක්‍ෂ නායකයින් ලබන සෙනසුරාදා (14) රැස්‌වීමට නියමිතය.

මෙම පක්‍ෂ නායක රැස්‌වීමට පෙර එදිනම සන්ධානයේ විධායක සභාවද රැස්‌වීමට නියමිත බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිලධාරී මණ්‌ඩලය සන්ධානයේ විධායක සභාවද නියෝජනය කරන බැවින් නව නිලධාරී මණ්‌ඩලය පත්කර ගන්නා තෙක්‌ සන්ධානයේ විධායක සභා රැස්‌වීම ප්‍රමාද වී ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සන්ධානයේ සියලු පක්‍ෂ එක්‌ව ක්‍රියා කල යුතු බවත් එය රටේ අවශ්‍යතාව මෙන්ම ජනතා අපේක්‌ෂාව බවත් පෙන්වා දෙන ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා සන්ධාන පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ කැඳවා සන්ධානය ශක්‌තිමත් කරන ලෙස සන්ධාන මහ ලේකම්වරුන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමේදී දැනට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෙන්ම සන්ධානයේ පක්‍ෂ කිහිපයක්‌ තුළ තිබෙන මත ගැටුම සමථයකට පත්කර ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

මීට අමතරව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳවද සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)