May 18, 2024

අළුතින් ඇරඹූ මූල්‍ය වංචා පොලිස් ඒකකයට පැමිණිලි 06ක් 

අලුතින් ආරම්භ කරන ලද ‍පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට පැමිණිලි 06ක් ලැබි ඇති බවත් ඉන් තුනක් සම්බන්ධව මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව පැමිණිලි දෙකක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතද එක් පැමිණිල්ලක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙතද කරුණු වාර්තා කර ඇත.

මෙම පැමිණිලි තුන තුළ හෙජින් තෙල් ගනුදෙනුව, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවිනැගුම මූල්‍ය වංචා හා පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය වංචාවක් අයත් බව වාර්තා වේ.

අනෙක් පැමිණිලි තුනද ඉදිරියේදී විභාග කිරීමට නියමිතව ඇත.

මෙම කොට්ඨාසයට සෘජුව කිසිදු අයකුට පැමිණිලි කළ නොහැකි අතර දූෂණ වංචා සෙවීමේ ‍ලේකම් කාර්යාලය හරහා මෙම කොට්ඨාසයට පැමිණිලි ලබා දිය හැකිය.

Rate this item
(0 votes)