May 18, 2024

ජනපති පොදු රඳ මඩුළු සැමරුම් දින උළෙල අමතයි

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) ලන්ඩන් නුවරදී ‍පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උළෙල ඇමතීමට නියමිතය.

මෙම සැමරුම් දින උළෙල සඳහා ‍පොදු රාජ්‍ය මණඩලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන්නේ එහි ප්‍රධාන අමුත්තකු වශයෙනි.‍ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ‍ලේකම් කම‍ලේෂ් ෂර්මා මහතා සහ 2015 ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත් වන මෝල්ටා රාජ්‍යයේ නායකයාද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.

‍පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙල වෙනුවෙන් පවත්වන විශේෂ දේව මෙහෙය අද (09) පෙරවරුවේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වේ.

ඊට සහභාගි වන ජනපතිවරයා ඉන් අනතුරුව මැලිබොරෝන් ලෙස හඳුන්වන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී පැවැත්වෙන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය දින උත්සවය සඳහා සහභාගි වීමට නියමිතය.

එම උත්සවයේදී නව රජය ‍පොදු රාජ්‍ය මණ්ඩලීය අගයන් ශ්‍රී ලංකාවේ සවිමත් කිරීමට දරන ප්‍රයත්නයන් සහ ඒ සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් සාමාජික රටවලට පැහැදිලි කර දීමට ජනපතිවරයා මෙම අවස්ථාව උපයෝගී කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 07:18