May 18, 2024

ලෝකෙට වහල් කාන්තාවන් සැපයීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසිද්‍ධයි - සෝභිත හිමි 

ලෝකෙට වහල් කාන්තාවන් සපයන දූපත හැටියට ශ්‍රී ලංකාව ලෝකයේ  ප්‍රසිද්‍ධ වී ඇති බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ මේ බව පැවසූවේ අද (08) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

වහල් සේවය පවත්වාගෙන යෑම රටකට ලැජ්ජාවක් බවත්‍ වහල්භාවයෙන් මෙරට නිදහස් විය යුතු බවත්‍ උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

කෙසේවෙතත් කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවත්, ඉන්දියාව, බංග්ලාදේ‍ශය, පකිස්ථානය වැනි රටවල් මැද පෙරදිග රටවලට කාන්තාවන් වහල් සේවයට නොයවන බවත‍් සෝභිත හිමි සඳහන් කළහ.. 

තවද කාන්තා හිංසනය දරු‍‍ණු ලෙස ලංකාවේ පවතින බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. 

Rate this item
(0 votes)