May 18, 2024

දේශපාලන පදනම මත පත් කළ තානාපතිවරු වෙනුවෙට නව තානාපතිවරුන් 29ක්

විදේශ තානාපති සේවයේ පුරප්පාඩු 29ක් සඳහා නව තානාපතිවරුන් කඩිනමින් පත්කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

විශේෂයෙන් දේශපාලන පදනමක් මත පසුගිය රජය පත් කළ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරින් වෙනුවට මෙම නව නිලධාරින් අනුයුක්ත කෙරෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව, මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

බොහෝදුරට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට විදේශ අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතීඥ ආචාර්ය රොහාන් පෙරේරා මහතා නම් කිරීමට නියමිත බවත් විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. දැනට ආචාර්ය පාලිත කොහොන මහතා එම තනතුරේ කටයුතු කරයි.

ඕස්ටේ‍්‍රලියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් විශ‍්‍රාමික අද්මිරාල් තිසර සමරසිංහ සහ නියෝජ්‍ය මහකොමසාරිස් ලක්ෂ්මන් හුලූගල්ල, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති විශ‍්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, තානාපති නිලධාරින් 27 දෙනෙකු නව රජය පත්වීමෙන් අනතුරුව ආපසු මෙරටට කැඳවනු ලැබිණි.

නව තානාපතිවරුන් අතරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න ද ඇතුළත් වන අතර ඇය තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වනු ඇතැයි අපේක්ෂිත අතර මෙලෙස පත් කිරීමට යෝජිත නව තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරින්ගේ නම් ලැයිස්තුව මූලික සාකච්ඡාවලින් අනතුරුව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකරනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)