May 18, 2024

ඇමතිවරයෙක් හා ලේකම්වරු දෙදෙනෙක් ඩුබායි ගිණුම්වල මුදල් දාලා

විදෙස් රටවල බැංකු ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ මුදල් තැන්පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔවුන් විසින් ඩුබායිහි මෙම ගිණුම් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩුබායි, ස්විට්සර්ලන්ත සහ යුක්ක්‍රේන වැනි රටවල මෙම ගිණුම් පවත්වාගෙන යන බවටද තොරතුරු ලැබී ඇති බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි. ඒ අනුව අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් එම රටවල සහයෝගයෙන් විමර්ශන සිදුකිරිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)