May 18, 2024

පොළොන්නරුව වැලි තහනම ඉවත් කෙරෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පනවා තිබූ වැලි ගොඩ දැමීමේ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන පරිදි ලබන 15 වන දා සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමට අවසර ලබා දී ඇති බව සඳහන්.

කාර්යංශයට අනුබද්ධ සමාගමක් වන වැලිසමාගම ලෙස හඳුන්වන සමාගමකින් එම කටයුතු සිදු කෙරුනු ඇති.

ඒ අනුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දමන ස්ථාන භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රය මත පවත්වාගෙන යාමට නියමිත අතර එම වැලි මිලදී ගැනීම මෙන්ම අලෙවි කිරීමට ද කාර්යංශය හරහා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

වැලි ගොඩදමන සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි නව ක්‍රියාවලිය සිදු කිරීමට තීරණය කර ඇත.

වැලි ගොඩ දැමීමේදී අතරමැදියන්ගේ සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ද ඒ යටතේ ප්‍රතිපාදන සලසා ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 15:13