May 18, 2024

අගමැති රනිල් ගේ ‘වෙඩි තැබීමේ’කතාවෙන් දකුණු ඉන්දියාව කැළඹේ

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීම සහ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පළ වෙයි.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට පැමිණීම හේතුවෙන් වෙඩි තැබීමට හේතු වුවහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මානව හිමිකම් චෝදනා එල්ල විය යුතු නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබූ බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

දකුණු ඉන්දීය රූපවාහිනී ආයතනයක් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මේ වන විට ලංකා අගමැතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන දකුණු ඉන්දීය දේශපාලකයෝ සහ ධීවරයෝ සිය කනස්සල්ල සහ විරෝධය පළ කරමින් සිටි.

දකුණු ඉන්දීය දේශපාලකයන් පවසන්නේ ශ්‍රී ලංකා අගමැතිවරයා එවැනි තදබල ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය එරට අගමැතිවරයාගේ අදහස වාර්තා කිරීමේ සූදානමකින්ද පසුවන බව ඉන්දීය වාර්තා පේනවා දෙයි.

(මේ සම්බන්ධ පෙර ලිපිය)

අනවසර ඉන්දීය ධීවරයින්ට වෙඩි තියන්නත් පුළුවන් - අගමැති ඉන්දියාවට කියයි

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 11:53