May 18, 2024

මහනුවර රැළියට ගිය ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

‘‘දිනූ නිදහස අනතුරක - ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ පසුගිය 06 වැනිදා මහනුවරදී පැවති රැළියට සහභාගී වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රීලංනිප මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා පවසයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විනය කි‍්‍රයාමාර්ගය ගැනීමට අපේක්ෂා කරන බව මන්තී‍්‍රවරයා පැවසී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතු බවට බල කරමින් ‘‘දිනූ නිදහස අනතුරක - ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ මෙම රැළිය මහනුවර නගරයේදී 06 වැනිදා පැවැත්විණි.

මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය මෙම රැළිය සංවිධාන කර තිබිණි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා මහනුවර රැස්වීමේ වේදිකාවේ අසුන් ගෙන තිබිණි.

බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමන්මලී සකලසූරිය, ලලිත් එල්ලාවල, ජගත් කුමාර යන මන්ත‍්‍රීවරුන් ද ජන රැළියට එක්ව සිටි අතර නිදහස් පක්ෂය නියෝජනය කරන මොරටුව නගරාධිපතිවරයා ඇතුළු තවත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් ද මහනුවර ජන රැළියට එක්ව සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 12:16