May 18, 2024

චීන සමාගම කොළඹ වරාය නගර වැඩ නිල වශයෙන් නවතයි

අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම හෙවත් සී.එච්.ඊ.සී. සමාගම සදහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍යාංයේ ලේකම්වරයා තම ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.

කොළඹ වරාය නගරයේ ඉදි කිරිම් තාවකාලිකව අත්හිටුවන්නැයි එම ලිපියෙන් දන්වා ඇති බව සී.එච්.ඊ.සී. සමාගම පෙන්වා දෙයි.

ඒ අනුව කොළඹ නගර ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා වන අනුමැති වාර්තා රජයට ඉදිරිපත් කරන ලෙසද වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපිය මගින් ඉල්ලා ඇති බවත් එම තොරතුරු ඉදිරිපත් කිරීමට තම සමාගම පියවර ගන්නා බවත් සී.එච්.ඊ.සී. හෙවත් කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සදහන් කර තිබේ.

ඒ අනුව අද දහවල් වනවිට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු නතර කර ඇති අයුරු දක්නට ලැබුණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ පසුගිය බදාදා දිනයේදීය.අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

 

Rate this item
(0 votes)