May 18, 2024

කාන්තා රැඳවියන් දළදා වඳී

හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මහනුවර - බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඩුවම නියම වී සිටින කාන්තා රැඳවියන් 50 දෙනෙකුට අද (07) දළඳා සමිඳු වැඳ පුදා ගැනීමේ අවස්ථාව හිමිවිය.

මේ අතර මරණ දඩුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඩුවම නියම වී සිටින රැඳවියන්ට සමාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව, බන්ධනාගාර කොමසාරිස්එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

Rate this item
(0 votes)