May 05, 2024

විදේශ ගත ශ්‍රමිකයින්ට ‘විශ්‍රාම වැටුප්’ඉල්ලා උද්ඝෝෂණයක්

විදේශගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස බල කරන උද්ඝෝෂණයක් එළබෙන බදාදා (11) පස්වරුවේ පැවැත්වීමට සැළසුම් කර ඇත.

බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී පස්වරු 3.00 ට පැවැත්වෙන මෙම උද්ඝෝෂණය සඳහා විදෙස්ගත ලාංකිකයන්ගේ මෙරට සිටින පවුල්වල සාමාජිකයන් සහභාගීවීමට නියමිතය.

පසුගිය රජය මෙන්ම වත්මන් රජයද විදේශ ගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන බවට පොරොන්දු ලබා දුන්නද එය මෙතක් ඉටු වී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණය සඳහා විදෙස්ගත ලාංකිකයන්ගේ මෙරට සිටින පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කරන බව සංවිධායකවරු පවසති.

වැඩි දුර තොරතුරු 0783156302 දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 14:08