May 05, 2024

අනවසර ඉන්දීය ධීවරයින්ට වෙඩි තියන්නත් පුළුවන් - අගමැති ඉන්දියාවට කියයි

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීමට සිදු වුවහොත් එය  මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්  නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය මාධ්‍යයක් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමක් හමුවේ ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව නීතියට අනුකූලව කටයුතු කරන බවත්, මේ හේතුවෙන් ඉන්දීය ධීවරයින් සීමා උල්ලංඝණය නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

තවද ඉන්දීය ධිවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු  කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද  අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. තවද කවුරුන් හෝ තමාගේ  නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සය කළහොත්  තමා හට  අදාළ පුද්ගලයාට  වෙඩි තැබීමට හැකියාවක් පවතින බවත්, නීතියෙන් ඒ සඳහා  ඉඩ ප්‍රස්ථාව ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. 

ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය තුළ යාපනයේ ධිවරයින්ට උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ශ්‍රී  ලංකා බලධාරින් උපදෙස් ලබා දී තිබුණි. එහිදි ඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු වල නිරත වූ බවද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ. එසේම කච්චතිව් දූපත මෙරටට අයත් දූපතක් බවත්, නවදිල්ලිය ඒ පිළිබදව සහතික වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 13:47