May 05, 2024

අලුත් කොමිසන් සභා දෙකක්

රාජ්‍ය මිල දී ගැනීම් අධීක්ෂණයට හා විගණන කටයුතු සඳහා අලුතින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා පහට අමතරව පිහිටුවන මෙම කොමිෂන් සභා දෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව වඩා ශක්තිමත් කර පිහිටුවීමට යන අනෙකුත් කොමිෂන් සභා වන්නේ මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ සේවා, අල්ලස් හා දූෂණ සහ මානව හිමිකම් යන ස්වාධීන කොමිෂන් සභා බවත් සඳහන්ය.

රාජ්‍ය පාලනයෙන් වංචා හා දූෂණය ඉවත් කර මෙරට රාජ්‍ය ආයතනවල සිදු කරන විවිධ ගනුදෙනුවලදී සිදු වන අක්‍රමිකතා අවම කිරීමට මේ අලුත් කොමිෂන් සභා දෙක යෝජනා වී තිබේ.

Rate this item
(0 votes)