May 05, 2024

මං කිව්වා කියල ලියා ගන්න මහින්ද එන්නෙ නැහැ - විජේදාස රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අගමැති අපේක්ෂකයා කරන සූදානම පිළිබඳව ඉරිදා පුවත්පතකට අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සාකච්ඡාවක් ලබා දෙමින් පවසා ඇත්තේ සන්ධාන අගමැති අපේක්ෂක ලෙස මහින්ද කිසිසේත් නොඑන බවය.

ඇමතිවරයා එහිදී පවසා ඇත්තේ “මගේ ගමේ කෙනා, හිතවතා මිත්‍රයා. එතුමා එතෙන්ට ගේන්න සෑහෙන දර දිය ඇදපු කෙනා. නීති උපදේශකයා.හැබැයි ගමේ කමට වැඩිය රට ලොකුයිනේ. අපි එතුමාට කට කැඩෙනකම් කිව්වා වැරැදි මාර්ගයේ යන්න එපා කියලා. මං කිව්වා කියල ලියා ගන්න ඒක කිසිසේත් සිදුවන්නේ නැහැ.” යනුවෙනි.

“ බලයට ඇවිල්ලා මාස හයක් යනකොට එතුමා එතෙන්ට ගේන්න උදව් කළ කිසි කෙනෙක් එතන ඉතුරුවුණේ නැහැ. එතුමාට විරුද්ධව වැඩ කළ ප්‍රසිද්ධ තක්කඩියෝ ටිකක් එතන ඉඳල එතුමා වට කරගත්තා. එතුමා ඔවුන්ගේ ගොදුරක් වුණා අපි එතැනින් ඉවත් වුණා.” යනුවෙන්ද පවසා ඇත.

Rate this item
(0 votes)