May 05, 2024

ගිය රජයෙන් දුම්රිය ඉඩම් කාල්ටන් සමාගමට දීලා

පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මත නාගරික සංවර්ධන කොමසාරිස්වරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පවරාගෙන පසුව පෞද්ගලික හිතවතුනට ලබාදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගත්තද දුම්රිය දෙපාර්තුමේන්තුවට ශතයක්වත් ලැබී නැතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.

මරදාන ටෙක්නිකල් වට රවුමේ සිට එල්පින්ස්ටන් වටරවුම දක්වා අක්කර 29ක ඉඩම හා දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට ඇති අක්කර 3ක ඉඩම කාල්ටන් සමාගමට පවරා ඇති බවද පෙන්වා දෙයි.

මේ සියලු ගණුදෙනු මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි.පසුගිය ආණ්ඩුව පෞද්ගලික ආයතනවලට පවරාදී ඇති දුම්රිය ඉඩම් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගෙන මගී ජනතාවට උපරිම සේවාවන් ලැබෙන පරිදි කටයුතු කළයුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයට හා වෙනත් ආයතන වලට පවරා ගෙන ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවට නැවත පවරා ගැනීමට හෝ තක්සේරු වටිනාකම් අනුව බදු ගිවිසුම් මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයිද පැවසීය. ‍

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 12:27