May 18, 2024

පසුගිය රජයේ ව්‍යාපෘති ගැන විපක්ෂ නායකවරයාට ගැටලුවක් (VIDEO)

ගිවිසුම් අත්සන් කර නීත්‍යානුකූලව වැඩ අරඹා ඇති ව්‍යාපෘති රාශියක් ඇති බවත් එම ව්‍යාපෘතිවලට මුදල් ගෙවා නැති බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු විමසමිනි. 

එම ව්‍යාපෘති සඳහා මුදල් ලබා ගෙවීම් කරන්නේ කවදාද යන්න ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කළේය.

කරගෙන යන පිළිවෙලට කොටස් වශයෙන් ගෙවීම් සිදු කරන බවත් එම මුදල් ලබා දෙන බවත් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසී ය.

එහිදී අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ විධිමත් අයුරින් සිදුකර ඇති ව්‍යාපෘතිවලට පමණක් පරීක්ෂණවලින් අනතුරුව මුදල් ගෙවිය හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 March 2015 09:52