May 18, 2024

රෝසිගේ යෝජනාවට රජයේ එකඟතාව

ඉදිරි අනාගතයේදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය සියයට 25 කින් වැඩි කිරීම පිළිබඳව ළමා හා කාන්තා පිළිබඳ ඇමැතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කර ඇති යෝජනාවට රජයේ එකඟතාවය ලැබී තිබේ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳව රෝසි සේනානායක මහත්මියගේ දැඩි අවධානය යොමු වී ඇත. ලබන 18 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකරගෙන රෝසි සේනානායක ඇමැතිවරිය මෙම පියවර ගෙන ඇත.

කාන්තා දිනය නිමිත්තෙන් ලබන 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක්‌ සහභාගි වෙන උත්සව මාලා කීපයක්‌ම සංවිධානය කර ඇත.

Rate this item
(0 votes)