May 18, 2024

අලි පැටවුන් 10ක් උඩවලවෙන් මුදා හරී

ඇත් අතුරු සෙවණේ රඳවාගෙන සිටි තවත් අලි පැටවුන් දස දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයට මුදාහැර තිබේ.

වයස අවුරුදු 5ත්, 6ත් අතර පසුවන මෙම අලි පැටවුන් මනා සෞඛ්‍ය සම්පන්නව සිටින බව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම අලි පැටවුන් තණමල්විල, හම්බන්තොට, ලූණුගම්වෙහෙර, වවුනියාව, සීගිරිය යන ප‍්‍රදේශවලින් ඇත් අතුරු සෙවණට රැගෙනවිත් තිබිණි. 

වනෝද්‍යානයට මුදාහැරි මෙම අලි පැටවුන්ගේ හැසිරීම සහ සෞඛ්‍ය  සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බව ඇත් අතුරු සෙවණේ නිලධාරීන් පැවසීය. 

 

Rate this item
(0 votes)