May 18, 2024

සුෂ්මා පැමිණියේ ඉන්දීය අගමැතිගේ සංචාරයට පෙර සූදානමක් ලෙසයි

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (06දා) පස්වරුවේදී සිදුවිය. කොළඹ විජේරාම මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවිය.

දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සමගද සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සූදානමක් ලෙස ඉන්දීය විදේශ ඇමැතිනිය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඉන්දීය අගමැතිවරයා ලබන 13 වැනි දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවය.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 21:10