May 18, 2024

අනිත් පැත්තට පෙරළිය හැකි බලවේගයක් ගැන විමල් කියයි

මෙය අනිත් පැත්තට පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත් එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත් කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත් විමල් වීරවංශ මහතා අද (06) මහනුවරදී පැවති ජන රැළියකදී පැවසීය.

‍මේ නිසා ජාතිය දිනවන්න මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

දවසින් දවස මඩ අවලාද වැඩිවන බවත් උතුරේ ජනාධිපති මන්දිරය ජනසතු කරන බව කියන බවත් රජය සතු දෙයක් ජනතාවට අයිති නිසා එය අමුතුවෙන් ජනසතු කළ යුතු නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අද උතුරු පළාත් සභාව වෙනදාට නැති යෝජනා සම්මත කරගන්නා බවත් එහි සිදුවන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ට ඕන වෙනස බවත් ඔහු පැවසී ය.

මහින්ද රාජපක්ෂ මහතා මීළඟ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙසට නම්කරන්නැයි බලකරමින් මෙම රැළිය පැවැත්විණි.

 

Rate this item
(0 votes)