May 18, 2024

මහින්ද කහඳගමගේ යළිත් රිමාන්ඩ්

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ප්‍රධානියා වන මහින්ද  කහඳගමගේ මාර්තු 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ්භාරයට පත් කරනු ලැබීය.

එහි ලේකම් චානක අශෝක හෙට්ටිආරච්චි හා භාණ්ඩාගාරික කුමාර ද සිල්වා රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප හා රුපියල් ලක්ෂ 50 ක ඇපකරුවන්ගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කර ඇත.

දැඩි ඇප කොන්දේසි මත මුදාහළ ඔවුන්ට අදාළ කාර්යාලයට ඇතුළුවීම තහනම් කරමින්ද මහේස්ත්‍රාවරයා නියෝගයක් නිකුත් කළේය.

පොලිසිය අධිකරණයට දැන්වූයේ ඔවුන් කඩහිමියන්ගෙන් එකතු කළ මුදල්වලින් රුපියල් කෝටි 5 ක් පමණ කොළඹ නගර සභාවේ බදු මුදල් ලෙස ගෙවූ බවය.

 

Rate this item
(0 votes)