May 19, 2024

ගෝඨාභය සහ 'සන්ඩේ ලීඩර්' අතර මිග්යානා නඩුව සමතයකට / කණගාටුව පළ කරන්නයි ඉල්ලයි

ලීඩර් ප්‍රකාශන ආයතනය විසින් 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ පළ කර තිබූ  මිග්යානා ගනුදෙනුවකට අදාළ ලිපියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් මිලියන 100 ක් ඉල්ලා පවරා තිබූ නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සමතයකට පත් වී තිබේ.

ඒ අද පැවැත් වූ නඩු දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මෙම නඩුව තව දුරටත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කිරීමත් සමගය.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස සමතයකට පත් වීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර පුවත් පතේ පළ කරන ලෙසට වූ ඉල්ලීමක්ද 'සන්ඩේ ලීඩර්' පුවත් පතෙන් සිදු කළ බවයි ලීඩර් ප්‍රකාශන පාර්ශවයේ නීනිඥ අතුල රණගල මහතා ඒෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේ.

ඒ අනුව 6026 සහ 6269 යන අදාළ සිද්ධියට සම්බන්ධ නඩු දෙකම අවසන් වූ බවයි නීනිඥ අතුල රණගල මහතා පැවසූවේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 14:35