May 19, 2024

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රථම UNP කාර්යාලය විවෘත වෙයි (VIDEO)

එක්සත් ජාතික පක්ෂ ප්‍රථම පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලය අද (06) පෙරවරුවේ පොළොන්නරුව මුස්ලිම් කොලනිය, කඳුරුවෙල ප්‍රදේශයයේදී විවෘත කෙරිණ.

ඒ එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් නායක, පොළොන්නරු ආසන සංවිධායක, වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙතෙක් පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා එජාප පක්ෂ කාර්යාලයක් නොතිබුණ අතර මීට පෙර එවැනි පක්ෂ කාර්යාලයක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවන්වලදී එවකට බලය පැවැති ආණ්ඩුවේ බලපෑම් මත එම කටයුතුවලට බාධා පැමිණි බවයි අද නව කාර්යාලය විවෘත කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

වීඩියෝව පහතින් නරඹන්න..

සමීර - පොළොන්නරුව

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 13:41