May 19, 2024

යෝෂිත මහින්දගේ ආරක්ෂක අංශයෙන් ඉවතට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා නැවත නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව සේවා අවශ්‍යතා මත මෙම මාරු කිරීම් සිදු කළ බවත් එම අනුයුක්ත කිරීම මේ මස 9 වැනිදා සිට බලපැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව කටයුතු කරයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකු ලෙස ඉකුත් පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතා අනියුක්ත කර තිබිණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පැවති ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තමා තම පියාගේ ආරක්ෂකයෙකු ලෙස අනියුක්ත කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර තිබුණු බවට වාර්තා විය.

Rate this item
(0 votes)