May 19, 2024

නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා / රටට සත්‍ය කියනවා

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පත්කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගෙන් ‘ඒෂියන් මිරර්’ කළ විමසීමකදී සඳහන් කළේ පක්ෂයේ තීරණය අනුව තමා අදාළ තනතුරට පත් වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේදී ගනු ලබන වැදගත් තීරණ නිවැරදිව රටට අනාවරණය කිරීමට පියවර ගන්නා බවත්ය.

Rate this item
(0 votes)