May 19, 2024

කල් ඉකුත් වූ ත්‍රීපෝෂ වතුකරයට බෙදා හසු වේ

නෝර්වුඩ් පොලිස් වසමට අයත් තේ වතු කීපයකම වතුයායේ සෞඛ්‍ය අංශය මගින් තේ වතු ආශ‍්‍රිතව ළමා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණයේ සිටින ළමුන්ට හා ළමුන්ගේ මව්වරුන්ට බෙදාහැර තිබූ කල් ඉකුත් වූ ත‍්‍රීපෝෂ තොගයක් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තමන්ට ලැබුණු ත‍්‍රීපෝෂ කල් ඉකුත්වී ඇති බවට වතු කම්කරුවන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර ඇත. වතු ආශ‍්‍රිතව සිටින ළමුන් හා  මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් රජය මගින් නොමිලේ මෙම ත‍්‍රීපෝෂ ලබාදෙන අතර ඒවා වතු සෞඛ්‍ය අංශය මගින් නිසි වෙලාවට බෙදා නොහැර ගබඩාකර තිබීමෙන් කල් ඉකුත්වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසූවේ.

අදාළ පැකට්වල සඳහන් වන ආකාරයට කල් ඉකුත්වූ දිනට දින විස්සකට ප‍්‍රථම මේවා ආහාරයට ගත යුතු බවද අවධාරණය කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 11:55