May 19, 2024

ජොන්ස්ටන් අල්ලස් කොමිසමට

පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේවන විට අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔහු එලෙස පැමිණි ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා බව වාර්තාවේ.

කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

එම පැමිණිල්ලට අනුව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි සෙසු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 11:50