May 18, 2024

සී.එස්.එන්. නාලිකාව කාගෙද? - රාජිත කියයි (VIDEO)

සී.එස්.එන්. නාලිකාව නාමල් රාජපක්ෂගේ නෙමෙයිනම් කාගේද යන්න කිව යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් ඊයේ (05) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසූවේ “සී.එස්.එන්. නාලිකාව ගැන මෙච්චර කල් කිව්වම නැහැයි කිව්වේ නෑනේ. ආණ්ඩුව නැති වුණ කාලෙනේ කියන්නේ ඕවා.“ 

“සී.එස්.එන්. නාලිකාව ගත්තේ කොහොමද ඒ ගොල්ලො නෙමෙයිනම් මෙන්න මෙයා කියලා ඉදිරිපත් කරන්න එපැයි. එයාගෙන් අහන්න ඕන තමුසෙට සල්ලි කොහෙන්ද. තමුසේ කොහෙද ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙන්නේ.“  යැයිද හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 10:25