May 18, 2024

මහනුවර ජන රැළියට සියල්ල සූදානම් 

‘දිනූ රට අනතුරක - ජාතියේ අභියෝග ජයගැනීමට පෙළගැසෙමු’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික රැලි මාලාවේ දෙවැන්න අද (06) සවස 3.00ට මහනුවර මධ්‍යම වෙළෙඳ‍පොළ අසල දී පැවැත්වේ.

ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට බලකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් විසින් මෙම රැලිය සංවිධානය කරනු ලැබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ‍ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් රැසක් හා මහා සංඝරත්නය, කලාකරුවන්, විද්වතුන් ඇතුළු තවත් විශාල පිරිසක් මෙම ජාතික රැලිය ඇමතීමට නියමිතය.

මෙම රැළිය අප වෙබ් අඩිවිය ඔස්සේ සජිවීවි විකාශය කෙරේ.

Rate this item
(0 votes)