May 18, 2024

ඉන්දීය විදේශ ඇමතිනිය අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (06) මෙරටට පැමිණීමට නියමිතය. 

මාර්තු 13 වැනි දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ සම්බන්ධ පෙර සූදානමක් ලෙස අන්‍යෝන්‍ය ද්විපාර්ශවීය සම්බන්ධතා වර්ධනය සඳහා ඉන්දීය විදේශ ඇමතිවරිය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. 

සංචාරය අතරතුර සුෂ්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී යාපනය, අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශයන් හි සංචාරය කිරීමට නියමිත අතර වතු නිවාස යෝජනා ක්‍රම‍ය ද නිරීක්‍ෂණය කිරීමට නියමිතය.

වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

Rate this item
(0 votes)