May 18, 2024

ජාතික ආණ්ඩුවට වෙල්ගමගෙන් විරෝධයක් 

ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ ඒකමතික කැමැත්ත හිමිවු අතර වෙල්ගම මහතා පමණක් ඊට විරුද්ධ විය.  

ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

එහිදී පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය, පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප රජය හා සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ බව ශ්‍රීලංනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)