May 18, 2024

මහනුවර රැළිය ගැන ශ්‍රී.ලං.නි.ප අද සාකච්ඡා කර නැහැ

ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමට එක් වෙමින් පැවසීය.

ජාතික ආණ්ඩු සංකල්පයට නිදහස් පක්ෂයේ කැමැත්ත හිමිවු අතර වෙල්ගම මහතා පමණක් ඊට විරුද්ධ විය.  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විය.

එහිදී පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප රජය හා සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා තිබේ.

හෙට (6) මහනුවරදී පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා නොකළ බව ඔහු පවසා තිබේ.

 

Rate this item
(0 votes)