May 18, 2024

ජෙනරල්ගේ 'කුමන්ත්‍රණය කළ බවට චෝදනා නැගෙන' නඩුවට කුමක් වෙයිද ?

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම්වරයා ලෙස සේවය කළ සේනක හරිප්‍රියද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව තවදුරටත් පවත්වන් යන්නේද? නැද්ද? යන්න සම්බන්ධව ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට බලාපොරොත්තු වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට ඊයේ (04) දන්වා සිටියේය.

විශ්‍රාම යෑමෙන් අනතුරුව තම ආරක්ෂාවට අනුයුක්ත නොකළ යුද හමුදා සෙබළුන් දස දෙනෙකු යොදා ගනිමින් ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් මුදා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා නගමින් ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධව ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රියද සිල්වා මහතාට එරෙහිව ඇති නඩුව ඊයේ (04) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඒ බව දන්වා සිටියේය.

තවද එසේ අවසන් තීරණයකට එළඹීමට පෙර පැමිණිල්ලේ 18 වන සාක්කිකරු ලෙස නම් කර ඇති යුද හමුදා මේජර් බණ්ඩාරගේ සාක්කි කැඳවීමට අවශ්‍ය බවද මාධව තෙන්නකෝන් මහතා ඊයේ (04) වැඩිදුරටත් දන්වා සිටියේය.

යුද හමුදා මේජර් බණ්ඩාර දැනට මුලතිව් ප්‍රදේශයේ රාජකාරියේ නිරතව ඇති බැවින් ලබන 09 වැනිදා නඩු විභාගය සඳහා සාක්ෂි දීමට අධිකරණයට පැමිණෙන ලෙසට රහස් පොලිසිය හරහා ඔහුට සිතාසි නිකුත් කරන ලෙසටද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව එම සාක්ෂිකරුට සිතාසි නිකුත් කිරීමට විනිසුරුවරිය විසින් නියෝග කරන ලදී. මෙම නඩුව ඊයේ (04) කැඳවූ අවස්ථාවේ හිටපු හමුදාපති ‍ජෙනරාල් සරත් ෆොන්සේකාහා ඔහු‍ගේ ලේකම් සේනක හරිප්‍රියද සිල්වා යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 18:14