May 18, 2024

මහ මැතිවරණයට දින වකවාණු නැති වෙයි

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකින් පසුව නව මහ මැතිවරණය පවත්වනු ඇතැයි ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (5) පැවසීය.

ඇමතිවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ දින වකවානු ගැන දැන්ම කිව නොහැකි බවත්ය. මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දයක් ඇති කරන බවත් එය ගිය රජය සමයේ දිනේෂ් ගුණවර්ධන කමිටුවේ යෝජනාවලට වඩා ඉදිරියට ගිය ක්‍රමයක් බවත් රාජිත සේනාරත්න ඇමැතිවරයා සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සම්බන්ධයෙන් ඡන්ද කොමසාරිස්, නීතිපති හා මැනුම්පති සමගද සාකච්ඡා කර ඇතැයිද ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව හෝ ජනමත විචාරයකින් අනතුරුව මහ ඡන්දය පවත්වන බවත් කොමසාරිස්ගේ වාර්තාව සති කිහිපයකින් ලැබෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේවෙතත් අප්‍රේල් මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවන බව රජය කලින් ප්‍රකාශ කර තිබූ බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

Rate this item
(0 votes)