May 18, 2024

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙට සිට ටික දිනකට වෙනස් වේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා හෙට සිට (06) දින කිහිපයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වී කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් දැක්වේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා හෙට (06දා) සිට 13 දා දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එම කාලසීමාවේදී මැලේසියාවේ සංචාරයක නිරතවීම මේ සඳහා හේතුව බවත් පේනවා දෙයි.

Rate this item
(0 votes)