May 18, 2024

ජාතික විධායක සභාව ජනවරම අභිබවා යනවා - සුසිල් 

ව්‍යවස්ථානුකූලව ජාතික විධායක සභාවට ජනතාව ජනවරමක් ලබා දී නොමැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් වීමෙන් පසු ඊයේ (04) පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක් හෙට (06) මහනුවරදී පවත්වන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත්‍රීවරයකු සහභාගි වුවහොත් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි තීරණය කර නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය. “සිකුරාදා මහනුවරදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගි වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවම ආරාධනා කරලා නෑ. එම නිසා අපේ පක්ෂයේ කිසිවකුත් සහභාගි වෙන්නේ නෑ. අපේ පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ ව්‍යවස්ථාව හා පක්ෂ ප්‍රතිපත්ති සමග සිටිය යුතුයි. පක්ෂය යම් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුවට සියල්ලන්ම එකඟ විය යුතුයි.“

 

Rate this item
(0 votes)