May 18, 2024

'කොළඹ පෝට් සිටි' ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (04) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මුල් කර ගෙන එම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය ඉදිකිරීම් සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව බවත් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට 8 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 13:29