May 18, 2024

සරසවි සමිති සම්මේලනයට ජනපති හා අගමැතිගෙන් ප්‍රතිචාර නෑ

උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්‌ථාවක්‌ ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මීට දෙසතියකට පෙර යැවූ ලිපිවලට මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නොමැති බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මස 19 වැනිදා එම ලිපි යවා ඇති අතර ඉන්පසුව ඒ සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ට වරින් වර සිහි කැඳවීම් කළ බව එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේදී ය. 

"අපි සාකච්ඡාවක්‌ ඉල්ලුවෙ වැටුප් වැඩි කර ගන්න නෙමෙයි. අපිට අවශ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා ගන්න විතරයි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබීම ගැන කනගාටුයි" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2015 00:38