June 02, 2024

බුද්ධික පතිරණත් අද පස්වරුවේ අල්ලස් කොමිසමට යයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අල්ලස් කොමිසමට අද දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පැවසීය.

විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ සිදුවු බව කියන දුෂණ සහ අක්‍රමිකතතා සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව එම පැමිණිල්ල අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාරදීමට නියමිතය.

Rate this item
(0 votes)